Wednesday, December 17, 2008

Serious security flaw found in IE

Do you use Internet Explore as your web browser? If so please take a minute to read following Article. It is from BBC site.
http://news.bbc.co.uk/2/hi/technology/7784908.stm
Please note following article directly copied from above BBC web site and this blog owner does not have any kind of responsibility about this article. You can read original article from above link.


Users of Microsoft's Internet Explorer are being urged by experts to switch to a rival until a serious security flaw has been fixed.
The flaw in Microsoft's Internet Explorer could allow criminals to take control of people's computers and steal their passwords, internet experts say.
Microsoft urged people to be vigilant while it investigated and prepared an emergency patch to resolve it.
Internet Explorer is used by the vast majority of the world's computer users.

  • It's a shame Microsoft have not been able to fix this more quickly
    Darien Graham-SmithPC Pro magazine
    Q&A: Stay safe online


"Microsoft is continuing its investigation of public reports of attacks against a new vulnerability in Internet Explorer," said the firm in a security advisory alert about the flaw.
Microsoft says it has detected attacks against IE 7.0 but said the "underlying vulnerability" was present in all versions of the browser.
Other browsers, such as Firefox, Opera, Chrome, Safari, are not vulnerable to the flaw Microsoft has identified.
Browser bait
"In this case, hackers found the hole before Microsoft did," said Rick Ferguson, senior security advisor at Trend Micro. "This is never a good thing."
As many as 10,000 websites have been compromised since the vulnerability was discovered, he said.
"What we've seen from the exploit so far is it stealing game passwords, but it's inevitable that it will be adapted by criminals," he said. "It's just a question of modifying the payload the trojan installs."


  • MICROSOFT SECURITY ADVICE
    Change IE security settings to high (Look under Tools/Internet Options)
    Switch to a Windows user account with limited rights to change a PC's settings
    With IE7 or 8 on Vista turn on Protected Mode
    Ensure your PC is updated
    Keep anti-virus and anti-spyware software up to date


Said Mr Ferguson: "If users can find an alternative browser, then that's good mitigation against the threat."
But Microsoft counselled against taking such action.
"I cannot recommend people switch due to this one flaw," said John Curran, head of Microsoft UK's Windows group.
He added: "We're trying to get this resolved as soon as possible.
"At present, this exploit only seems to affect 0.02% of internet sites," said Mr Curran. "In terms of vulnerability, it only seems to be affecting IE7 users at the moment, but could well encompass other versions in time."
Richard Cox, chief information officer of anti-spam body The Spamhaus Project and an expert on privacy and cyber security, echoed Trend Micro's warning.
"It won't be long before someone reverse engineers this exploit for more fraudulent purposes. Trend Mico's advice [of switching to an alternative web browser] is very sensible," he said.

  • This could be the moment when the minnows in the browser wars finally score a significant victory
    Rory Cellan-JonesBBC technology editor
    Read the dot.life blog in full


PC Pro magazine's security editor, Darien Graham-Smith, said that there was a virtual arms race going on, with hackers always on the look out for new vulnerabilities.
"The message needs to get out that this malicious code can be planted on any web site, so simple careful browsing isn't enough."
"It's a shame Microsoft have not been able to fix this more quickly, but letting people know about this flaw was the right thing to do. If you keep flaws like this quiet, people are put at risk without knowing it."
"Every browser is susceptible to vulnerabilities from time to time. It's fine to say 'don't use Internet Explorer' for now, but other browsers may well find themselves in a similar situation," he added.

Saturday, December 6, 2008

උපන් බිමට අවැසි දැනුම....

For Sinhala Pdf Version Click Here


උපන් බිමට ණය ගැති නොවනා මිනිසුන් ජාතියටම වාසනාවක් යැයි කියමනක් ඇත. එසේම තමා උපන් බිමේ අනාගත පරපුරේ ජීවිත දැනුමෙන් සන්නද්ධ කරන්නට සිතනා මිනිසුන් ඉතා අල්පය.
පාසල් සිසුන්ට පරිගණක අධ්‍යාපනය ලැබීම සඳහා පරිගණක 22 කින් යුත් අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්
E-W Information systems ආයතනය මගින් පසුගියදා අධ‍්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ අයිතියට ප්‍රධානය කළා.
ඈත පාසල්වලට ගොස් පොඩිඋන්ට කොම්පියුටර් කියාදෙන්නට පවත්වපු එක් දින වැඩමුළු මට සිහිපත් උණා. ඒ වැඩමුළුවලට සහභාගී වෙලා හිටපු පුංචි එවුනගෙ ඇස් වල තිබුණු බලාපොරොත්තුවේ පහන්සිළු මට මැවිල පෙනුන. ඒ බලාපොරොත්තු වලට ලංකාව ඇතුලෙ මොනව වෙයිද කියල එදා මට බයක් තිබුණත් එවුන්ගේ බලාපොරාත්තුවේ අනාගතය අඳුරු වෙන එකක් නෑ තියල මට දැන් හිතෙනව. උපන් මවුබිමට දැනුම් සත්කාරය ගෙනෙන මෙවන් පවුලක පුංචි සාමාජිකයෙක් වෙන්න ලැබීම ජීවිතේ ලැබූ ලොකූ භාග්‍යක් කියල පාසලෙන් නික්මෙන වෙලාවෙ ම‍ට හිතුනා.


Unit 001




Unit 002

Thursday, October 30, 2008

බලු මොළේ.........

‍මේකා මිනිහෙක් නොවුනෙ අපේ වාසනාවට........

චුට්ටිත්තක් හිනාවෙන්න...................

බලන්න.... ජීවිතේ කවද හරි මෙහෙම දෙයක් දැකල තියෙනවද කියල...

Wednesday, October 29, 2008

Do you have facebook account...? if so please do this..

Dear Friends.

I don't know what your religion is. And absolutely no matter what it is. But nobody has privileges to insult another religion. So please take time to report this group to facebook admin. You just have to click on the REPORT GROUP link at bottom of the page.

Because this violates privacy and individual rights of religions.

Link

http://www.facebook.com/group.php?gid=10376166754

Thursday, October 9, 2008

ඉතිං ආයු‍බෝවන් ආදරණීය ඇකාල්. GOOD BYE ACAL SYSTEMS

For Sinhala Pdf Version Click Here

මම උපන් නිවසින් නික්ම යාමට සිදුවීම වැනි හැඟීමක් මට දැනේ. ඒ ඇයි දැයි අර්ථකතන සොයන්නට මම නොවෙහෙසෙමි. ජීවිතය පිරී ඇත්තේ හමුවීම් සහ වෙන්වීම් වලින් පමණෙකැයි මම අසා ඇත. මෙයද තවත් එවැන්නකැයි සිත හදා ගැනීමට මම උත්සාහ කරමි.

සිදුවීම කෙටියෙන්ම කියන්නේ නම්.... වසර 5ක සේවාකාලයකට පසුව ඇකාල් සිස්ටම් පුද්ගලික සමාගමේ දැරූ සියළු තනතුරු හා වගකීම් වලින් ඉල්ලා අස්වීමට මම තීරණය කළෙමි.

වසර 2003 එක්තරා දිනෙක ඉංග්‍රීසි පුවත්පතක පළවූ දැන්වීමක් දැක මම අයදුම් කළෙමි. ඒ පරිගණක ක්‍රමලේඛණ ශිල්පියෙකු වීමේ නොනිමි ආසාව ඉටු කර ගැනීමටය. සති කිහිපයකට පසු මා ගමේ ගිය ‍දිනෙක මගේ අසල්වැසි නිවසට ලැබූ දුරකථන ඇමතුමකින් කියවුනේ මා සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවා ඇති බවයි. මම එක පිම්මේ කොළඹ ආවේ මගේ යටගිය බලාපොරොත්තු අළුත් වීමෙනි. ඒ ආ ගමන කෙළවර වූයේ රුපියල් 7500/= වැටුපක් සහිතව ම‍ම Analyst Programmer ලෙස ඇකාල් ආයතනයට සම්බන්ධ වීමෙනි.


ඒ 2003 සැප්තැම්බරයයි. මේ 2008 සැප්තැම්බරයයි. වසර 5ක් ගතවී ඇත. මේ වසර 5 තුළ සිදුවූ දෑ බොහෝය. පරිගණක සම්බන්ධයෙන් ම‍ා ඇකාල් ආයතනයෙන් උගත් දෙයක් නැති වුවද ව්‍යාපාරික භාවිතාවන් සදහා වන පරිගණක මෘදුකාංග (Business application) සහ ව්‍යාපාරික මෘදුකාංග ක්‍රමවේද (Business logic) නම් මා ඉගෙන ගත්තේ ඇකාල් ආයතනයෙන් බව නිහකමානීව මම සඳහන් කළ යුතුය.


සිදුවූ හා වෙමින් පවතින කටයුතු පිළබඳව අන්තයටම කළකිරී සිටියා මිස මෙයින් ඉවත්ව යා යුතුමයැයි මා තීරණය කර තිබුණේ නැත. නමුත් එක් නිමේෂයක්...., එක් දුරකථන ඇමතුමක් ඒ සියල්ල වෙනස් කළේය. මේ තීරණය මේ තරම්ම වේදනාබර වග මට දැනුනේ මම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් මොහොතේය. නමුත් දුක යැයි කියා දුක්ගොඩේම තව තවත් සිටීමෙන් වන්නේ තව තවත් සිත් රිදීම්ම පමණකි.


කුමකින් කුමක් වුවත් ඒ අවුරුදු 5ක් මා රැකියාව කළ නිවසයි. එනිසාවෙන් ආයතනික සහ පුද්ගල ප්‍රතිරූපයන්ට හානි සිදුවන යමක් මෙහි ලියන්නට මම උත්සාහ නොකරමි. එබැවින් සිදුවූ සහ සිදුවෙමින් තිබෙන කිසිවක් ලියන්නට මට අවසර නැත. එසේ ලිවීමෙන් සිදුවන යහපතක් ද නැත.


ඔක්තෝබර් මස 10 වැනි දිනය යනු ජීවිතයේ තීරණාත්මක දිනයකි. එනම් මම මගේම තැනක් ලෙස සිතා දහසකුත් එකක් කැපකිරීම් සහ අසුන්දර අද්දැකීම් මැද කළ සුන්දර රැකියාවකට සමු දෙන වේදනාබර දිනයයි.


පාලකයන් විසින් සේවකයන්ගේ සිතිවිලි 100% ම නොහැකිනම් 75% ටවත් වඩා තේරුම්ගත යුතුයැයි මම වි‍ශ්වාස කරමි. තමන් ට උවමනා සිතිවිලි හා සැකයන් ආදේශ කිරීම යුක්ති සහගත නැත. මා ඉවත්වයන්නේ දිවයිනේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක රැකියාවකට යැයි අදටක් ඇතමුන්ගේ විශ්වාසයයි. එහෙත් මම තර්ක නොකරමි. මගේ මීළඟ රැකියා ස්ථානය කොතැනද යන්න ඉදිරි මාසය තීරණය කරනු ඇත. ඒ කොතැන වුවත් වැඩකළහැකි සේවකයන්ගේ අගය දන්නා පාලකයින් යටතට පමණක් වනු ඇත.


සියල්ල අවසන්ය.... “මේක ක්‍රිෂාන්තගෙ පෞද්ගලික ප්‍රශ්නයක්. එහෙම නැතුව ආයතන ප්‍රශ්නයක් නෙවෙයි....” යැයි කියා හිත හදාගැනීම ප්‍රතිඵල දායක වේ නම් මම කිසිත් නොකියමි. නමුත් සිදුවූ අඩුපාඩු තේරුම්ගෙන ආයතනයේ හෙට දවස යහපත් කරගනු ඇතැයි මම අපේක්ෂා කරමි. මන්ද බොරුවෙන් හිත හදාගැනීම යනු තමන්ම රවට‍ාගැනිමක් පමණක් වන හෙයිනි.


පසුවදන......


නික්මයන මොහොතේ මට බොහෝ දෙනා සිහිවෙයි. නමුත් ඒ සියල්ලටම වඩා ආයතනයේ අතිශය දුෂ්කර පරිච්ඡේදයේ මාස 5ක් පමණ වැටුප් රහිතව සේවයකළ සියළු දෙනා ඉතාමත් ආදරයෙන් සිහිපත් කරමි. එපමණක් නොව ඔබගේ කැපකිරීම් දිනෙක ඔබට ප්‍රතිඵල දායක වේවා යැයිද මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සුන්දර හෙට දවසක්........,!!!!!!

Sunday, October 5, 2008

අලි ජරමරය...... Elephant Attack

මිනිසකුට ජීවිතයේ කොතෙක් දුටුවත් එපා නොවන‍ා වස්තූන් 5 ක් ගැන කියැවේ. අලියා ද ඉන් එකකි. කොතරම් අලි දැක තිබුණත්..... හැම අලියකුම එකවගේ වග දනිතත්..... අලියකු දුටුවහොත් හැරී නොබලන්නකු සොයාගත නොහැකිය.... ඌ ඒ තරමටම සුරතල් - ආදරණීය සතෙකි. එහෙත් අලියා යනු ද තවත් තිරිසනකු වග අප විසින් අමතක නොකල යුතුය. ‍
‍‍‍‍අලිය‍ාට පෑගුන විට ................ ගියාදැයි ඇසිය යුතු නැත. එහෙත් අලියකු දකින හැම විටම මේ දර්ශනය ඔබට සිහිවේ නම් එය ඔබේත් - අලියාගේත් යන දෙදෙනාගේම ආරක්ෂාවට යහපතක් වනු ඇත.
නමුත් ඔබ අතිශය සංවේදී අයකු හෝ කම්පනයන්ට ඔරොත්තු නොදෙන්නෙකු නම් සද්දන්තයකු විසින් මහ සෙනගක් මැද මිනිසකුට පහරදීමේ මෙම දර්ශනය බැලීම ඔබට නුසුදුසුය.


Friday, August 15, 2008

දිනුවේ කවුද?... පොලීසියද.... සරසවි සිසුන්ද?

නැත කවුරුත්ම නොවේ..... කඳුළු ගෑස් නිෂ්පාදකයනුත්.., කාලයත් හැර අන් දෙපිරිසම පරාද විය. එපණක් නොව ගමන් බිමන් යන්නට ආ අහිංසක ජනතාවත්.., සේවය නිමවී වේලාසන නිවසට යන්නට සිටි අහිංසකයනුත් අන්තම පරාජය විය.

සියල්ල සූදානම්.....



මොහොතකින් බිඳීගිය පැය ගණනක සූදානම........





යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? අයුධ නැතුව ගල් ගසන පොලීසිය...



























ඡායාරෑප ඩිෂාන් දයාරත්න, ක්‍රිෂාන්ත දිනේෂ්

Saturday, August 2, 2008

නුඹේ කැදැල්ලෙන් නික්මෙන්නට අවසර දෙන්න....

Click Here to pdf Version (Sinhala)

මම නෙතු පියා ගන්නට උත්සාහ දැරුවෙමි. එහෙත් දුක දැනී මෝදුවන හීන් කඳුළු කැටත් හිතට දැනෙන පුංචි දුකත් මගේ උත්සාහයට හරස් ‍ෙවයි. මම නැගිට මෙය ලියන්නට ගතිමි. මේ ගෙවෙන්නේ සොයුරකුගේ.., ආදරණීයතම සොයුරකු‍ෙග් වහල යට ගෙවෙනා අන්තිම දවසේ අන්තිම රාත්‍රියේ, අන්තිම පැය කිහිපයයි.

ජීවිතය මහා පුදුමාකාරය. උපතින් මට අය්යා කෙනෙකු උන්නේ නැත. ඒත් බඩ වියත රැක ගන්නට ආ රැකිය‍ාව මට බඩවියත රැක දුන්නා පමණක් නොව අය්යා කෙනෙකුද සොයා දුන්නේය.
නලින් සංජය අමරසිංහ නම් ඔහු... මහා පුදුම හමුවීමකි. සමාන හදවත් ඇත්තවුන් සහෘදයන් නම් ඔහු සැබැවින්ම සහෘදයෙකි. නැත ඔහු සහෝදර‍ෙයකි. දුක, සතුට, කඳුළ, වේදනාව මේ හැමෙකක්ම සමානව දරා ගන්නට ඔහු මට ශක්තිය දුන්නේය. එපමණක්ම නොව වැටුණු හැම මෙ‍ාහොතකම ඔහු බැරි අමාරුගානේ සිය අත දිගු කළේය.

මහා වාළුකාවක මෙන් කොළඹ කතරේ උන් හිටි තැන් අහිමි වෙද්දී..., තමන්ගේ වහල යට වැටී ඉන්න‍ැයි කියන්නට තරම් ඔහු දයා වන්තයෙකු විය. මම ඔහුගේ වහල යටට ගියෙමි. අමුත්තක් දැනුනේ නැත. මට හැඟුනේ මගේ මහගෙදර ගියා වැනි හැඟීමකි.

සියල්ල අහිමි කළද දෙවියන් සහෝදරකම අහිමි කර තිබුනේ නැත. අපි දුක බෙදාගත්තෙමු. සතුටේදී එකට සැනසුනෙමු. කන්නට නැතිනම් එක ක්‍රීම් ක්‍රැකර් විස්කෝතුව දෙකට කඩාගෙන කන්නට අපි‍ට පුළුවන් කම තිබුණි.

මා සමග ජීවත් වීම ඒ තරම්ම පහසු නැති වග දන්නේ මගේ අම්මාත් තාත්තාත්ය. පුංචිදේටත් කිපෙනා දඩබ්බර හිතත්, හිතුවොත් තරන්නටම ඕනෑ හිතුවක්කාර කමත් ඔහු මනාවටම තේරුම් ගත්තේය. ඒ නිසා මා තදින්ම එල්බගත් තීරණයන් හිදී ඔහු මා සමග වාද කළේ නැත. ඔහු කළේ සියල්ල සන්සුන් වනතුරු බලාහිඳ ඉන්පසුව ඒගැන සාකච්ඡා කිරීම පමණි. ඇතැම් විට එහිදී ඔහු දිනුවේය. බෙ‍ාහෝවිට මගේ දඩබ්බර කම දිනුවේය... එහෙත් ඔහු ඒ ගැන කිපුණු දිනයක් මට මතක නැත. මගේ තාත්තාත් මා සමග ජීවත් වන්නේ මේ පිළිවෙලටමය. තාත්තා අවුරුදු ගණන‍ාවකට පසු තේරුම්ගත් දේ ඔහු අප මිතුරන් වී ටික දිනෙකින්ම තේරුම් ගත්තේය.

මා කිසිම දිනෙක මේ නිවසේ බෝඩිං කාරයකු වූවේ නැත. ඔහුත් ඇයත් තමන්ගේම මල්ලී කෙනෙකු ලෙස මා පිළිගත්තෝය. ඔවුන්ගේ රෙදි සමග මගේ රෙදි පෙරදිත් සේදුනේය. දවල්ට ගෙනියන්නට බත් පතක් ලැබුණේය. හැමදාමත් මට දැනුනේ ගෙදර වැනි හැඟීමකි.

මගේ ජීවිතයේ බොහෝ දේ සොයා බැළු ඔහු, මගේ ආ‍දරය - විව‍ාහය ගැන කිසිවිටෙකත් මා සමග කථා කර නැත. ඒ පිළිබඳ සොයන්නට ගියේද නැත. ඒ ඇයි දැයි මම බොහෝවිට කල්පන‍ා කළෙමි. ඇතැම් විට එය ඔහුට විෂය නො‍ෙව් යැයි ඔහු සිතන්නට ඇත. නැත්නම් මේ හිතුවක්ක‍ාරයාට කසාදයක් කරදී නරක නාමයක් ගා ගන්නට අකමැති වන්නට ඇත.

නමුත් දෛවය බොහෝදේ තීරණය කර ඇත. මා නික්ම යා යුතුය.. ඒ අප අතර ඇති වූ ගැටළුවක් නිසා නම් නොවේ. රැකියා ස්ථානය වෙනස් වීමත්, අළුතෙන් ඇරඹූ අධ්‍යාපන කටයුතුත් නිසා, නවාතැන් පළකට යාම මගේ ජීවිතය පහසු කරනු ඇත.

ලියන්නට බොහෝ දේ ඇත. සිතිවිලි එකා පරයා එකා නැගී සිටින්නට උත්සාහ ගන්නේ, මම හිතනා අන්තිම දවස අද යැයි ප්‍රකාශයට පත්කළා සේය. නමුත් දැන් මැදියමත් පහු වී බොහෝ වේලාවක් ගෙවී ඇත. හිමිදිරියට පෙර පුංචි හෝ නින්දක් ලබා ගත යුතුය.

ඉදින්.....

මට වෙලාවට කන්න බොන්න ටික දී, ලෙඩට දුක‍ට පිහිට වී, දුක සැප සොයා බැළු... ඒ සියල්ලටම වඩා දඩබ්බර, හිතුවක්කාර අපිළිවෙල මගේ ජීවිතය පුරා වසරකට ආසන්න කාලයක් ඉවසූ... ආදරණීය අය්යේ.., අක්කේ.., නුඹලාට බොහෝ.........ම පිං....


Tuesday, July 15, 2008

මම නුඹ බලන්නට ගියෙමි.... ඒත් නුඹ සිටියේ නැත....

Click Here to pdf Version (Sinhala)

දින හතරක් නිවාඩු දැමූ මම සීයාගේ තුන් මාසෙ දානය සඳහා ගියෙමි. බොහෝ දේ වෙනස් වී ඇත. ඒත් නුඹ පිළිබඳ ඇති මතකයත්, ආදරයත් තවමත් වෙනස් වී නැත. මම නුඹ කාලාන්තරයක් විසූ කාමරයට ගියෙමි. බිත්තිවල ගෑ අළුත් තීන්ත සුවඳ පරයා මට දැනු‍ෙන් නුඹ ළඟ සදාතනිකව දැනුන අව්‍යාජ බවේ සුවඳයි.

නුඹ නිසාවෙන් මෙහි පැමිණි බොහෝ සෙනග අතර මම තනි වෙන්නට උත්සාහ කළෙමි. ඒ නුඹ ගැන අතීත සුන්දර මතකයන් ආවර්ජනය කරන්නටය. එහෙත් පැමිණ උන් සෙනග නිසා ඒ උත්සාහය ව්‍යර්ථවිය.

නුඹ වෙනුවෙන් මා ඉටුකළ යුතු යුතුකම් ගණනාවක් රාත්‍රී ධර්ම දේශනාව අතරතුර මට දැණුනි... ඒව‍ා ලියා නොතැබුවද අම්මා හඬා වැටෙද්දී ඇගේ ඇක‍ෙයන් බිමට බැස නුඹේ තුරුලේ මා ගෙවූ ජීවිතය වෙනුවෙන් මා ඒවා ඉටුකළ යුතුමය. ධර්ම දේශනාව අවසන් වනු මට දැනුනේම නැත. මම පසඟ පිහිටුව‍ා ස්වාමීන් වහන්සේ ළඟ වැඳ වැටුනෙමි. මට සිහිපත් වූයේ නුඹ මට මුණ ගැසුනු අවසන් දිනයේ මා නික්ම යන්නට පෙර නුඹ ළඟ දණගසා වඳිද්දී කාෂ්ඨක ගෙන්දගම් මහ පොළෙ‍ාව සමග පොර බදා දූවිල‍්ලෙන් බොර පැහැයට හැරුණු නුඹේ දෙපතුළයි.

Friday, April 18, 2008

උතුරා ගිය සෙනෙහස තබා ඔහු සමුගෙන ගියේය.

If you unable to view Click Following Links to Enable SINHALA

03. Click Here to pdf Version (Sinhala)

(some time Computer should be re-start after install above software to enable SINHALA)

(2008 අ‌ප්‍රේල් මස 01 වැනිදා මිය ගිය ආදරණීය සීයා වෙනුවෙන් තැබූ සටහනකි)
මේ සටහන තබන මොහොත වන විටත් නුඹ අප අතහැර ගොස් බොහෝ දුරය. පණ නල රහිත දේහය පමණක් සාලය මත වැතිර ඇත. එයද තව පැය කිහිපයකින් නික්ම යනු ඇත. එවිට මා ආදරය කළ, මට ආදරය කළ මගේ ආදරණීය සීයා සංසාරයේ යළි කෙදිනකවත් මගේ ඇස නොගැටෙනු ඇත.

බක් මස පළමුවැනිදාවේ මිතුරකුට ලණුවක් දී සතුටු වන්නට සිතා මම පිබිදුනෙමි. එහෙත් මටත් පෙර නිවසේ දුරකථනය නාද විය. එහා කෙළවර සිටියේ තාත්තාය.

“ඊයෙ රෑ සීයා නැති වුණා.....”

මම මමම කොණිත්ත‍ා ගතිමි. ඒත් වැඩක් නැත. මට මේ ඇසෙන්නේ සැබෑවක්මය.
තම පවුලට කොළුවකු නැති කමට ලොකු දුවට දාව උපන් පළමු පිරිමි ළමය‍ා ලෙස මට නුඹ දුන්නේ නුඹේම පුතකුට දෙන්නට පරිස්සම් කළ තිබූ ආදරයයි. මට මගේ ජීවිතයේ මතක ඇති කාලය ඇරඹෙන්නේ නුඹේ වහල යටිනි. පුංචි සංදියේ මට තිබුනේ අම්ම -තාත්තා ගෙනත් දුන් සෙල්ලම් බඩු වලට වඩා නුඹ ගෙනත් දුන් සෙල්ලම් බඩුය. වාහනයක් තබා බයිසිකලයක්වත් පදින්නට නොදත් නුඹ මා දකින්නට සැතපුම් ගණන් පා ගමනින්ම ගෙවූ දුර එකතු කළේ නම් ලංකාව වටා රවුම් දෙක තුනක් පයින් යන්නට තිබුණි. ඒ ආදරයද නැතහොත් නොදැක ඉන්න බැරිකමදැයි මම තවමත් නොදනිමි. එක්කෝ ඒ දෙකම විය යුතුය.

යන්තම් අත්සන තබනු මිස ඉන් එහ‍ා මලපොතේ අකුරක් වත් නොදත් නුඹේ සුළැගිල්ලේ එල්ලී පොත්වල නොමැති බොහෝදේ ජීවිතය පිළිබදව මම උගත්තෙමි. ඒ පිළිබදව නම් මම සදාකාලිකව නුඹට ණය ගැතිය.

90-92 වකවානුවේ නුඹ රෝගීව ඔත්පලව හුන් සඳ කරාපිටිය රෝහලේදී මගේ සුරත නුඹේ දෑත් අතර හිරකරගෙන පොඩි එකෙකු මෙන් ඉකිබිඳි අයුරු මේ මොහොතේත් මට කදුළු අතරින් මැවී පෙනේ. ඒ නුඹේ ආයුෂ අවසන්යැයි නුඹ තුළ හටගත් අනියත බිය නිසා විය යුතුය. ඒත් අපි එතරම් පවු කර තිබුනේ නැත. වතුපිටි වල වැඩ කරගැනීමට නොහැකී වූ තරම් ඔත්පල වූ පසුවද නිවසේ පිටුපස බුලත් කොරටුවේ බුලත් ටික කඩා විකුණා එකතු කරගත් මුදල් ම‍ා නිවාඩුවට ගෙදර එනතුරු සිට කාටත් හොරා මගේ අතමිට මොළවන්නේ “ හොදට ඉගෙන ගන්න ඕන....” කියමිනි. ඒ නුඹ නූගත් අකුරු සාස්තරේ වටිනාකම නුඹ දැන සිටි නිසා විය යුතුය. මම නුඹේ ඉලක්කය ජය ගතිමි. නුඹ එයින් සැනසුන වගද මම දනිමි.

ලියන්නට නම් තව බොහෝ දේ ඇත. ඒත් ඉකිබිඳින පපුවත්, වෙවුලන දෑතත් ඒ සියල්ල වළකාලයි. පොඩි එකකු තුළ ඇති හිතුවක්කාරකමක් තිබූ ඔබ ප්‍රගුණකර තිබූ ඉවසීම නම් කෙදිනකවත් මට ප්‍රගුණකළ හැකි නොවනු ඇත. තමන් සන්තක සියල්ල සොරුගෙන යද්දී උපේක්ෂාවෙන් ඒ දෙස බැළු තවත් පිරිමියකු වේ නම් ඒ කළාතුරකිනි. අතේ ලේ බොන මදුරුව‍ා පවා නොමරා අත්හරින්නට පුරුදු වූ නුඹ, මා අවුරුදු 5ක තරම් කාලයේදී කඩියකු මරන්නට යද්දී මහත් වෙර යොදා නුඹ ඌ බෙරා යැවූ අයුරු දැක මම මවිත වීමි. එහෙත් සංසාරය පුරාවට නුඹ පුහුණුකළ අස‍ාමාන්‍ය පුරුදු අතර එය තවත් එකක් පමණි.

නුඹ අද නික්ම යන්නේ පුවත් පතක හෝ රූපවාහිනියේ දුක්මුසු පුවතක් දකිද්දී සියල්ලට හොර‍ා කඳුළු පිසිනා අතිශය සංවේදී සිත ම‍ා ළග ඉතිරි කරමිනි. ඒ සිත නුඹ පිළිබඳව වූ අතිශය ආදරණීය මතකය යළි යළිත් අවදි කරනු ඇත.

කිසිවකුටත් කරදරයක් නොවූ, මට මතක ඇති දා පටන් පිං පමණක්ම කළ “කහදුවේ මාමා” නොහොත් ම‍ෙග් ආදරණීය සීයා, මනු ලොවට වඩා පිං ඇති ලොවක මිස මිනිසත් භවයක් යළි උපදීදැයි සැක සහිතය. එහෙත් එසේවනු රිසිව, තව තවත් පිං කරනට යළිඳු නුඹ මිනිසත් භවයක උපදී නම් නුඹටම මුණුපුරකු වන්නට මම පිං කරමි.
මගේ ආදරණීය සීයේ.... නුඹට ආයුබෝවන්....!
පසුවදන:
මගේ පුංචික‍ාලයේ අනේකවාරයක් මා කරමත තබා හුරතල් කළ ඔහුගේ නිසල දේහය මගේ කරමත ගෙනයන්නට තරම් දෛවය මට සරදම් කර තිබුණි. එය මා කරතැබූ ප්‍රථම “මිනී පෙට්ටිය” වීම .....................................???

Sunday, April 6, 2008

මහ‍ා ප්‍රාඥයකුගේ නික්ම යාම

If you unable to view Click Following Links to Enable SINHALA

Click Here to pdf Version (Sinhala)

(some time Computer should be re-start after install above software to enable SINHALA)



මම ඒ වන විට සිටියේ පානදුර ප්‍රදේශයේය. උදේ පාන්දර ලැබුණු කෙටි පණිවුඩයකින් කියැවුණේ ආතර් සී ක්ලාක් මහතා මිය ගිය වගය.
බුද්ධ දේශනාවට අනුව නම් අනාගතය දකින්නට සෝවාන් ආදී මාර්ගඵල ලැබිය යුතුය. එහෙත් ලක්දෙරණට අපමණ පෙම් බැද, දිනකට අවදියෙන් සිටිනා පැය 6 – 7 ක තරම් කෙටිකාලය රෝද පුටුවකට වී අතීතයත් වර්ථමානයත් මෙනෙහි කරනා මේ සුන්දර මිනිසා මාර්ග ථල අවබෝධයෙන් තොරවම අනාගතය කියන්නය සමත් කම් දැක්වීය.

ඔහු ලෝකයේ සිටි සුන්දරතම සිහින දකින්නා යැයි මම විශ්වාස කරමි. ඔහු සිහින දුටුවද සිහින ලෝකවල ජීවත් වූයේ නැත. ඔහු දුටු බෝහෝ සිහින ඔහු ඇස් ඉදිරිපිටම සැබෑවනු දකින්නට තරම් ඔහු වාසනාවන්ත වූවේය. මම තවත් දෙයක් විශ්වාස කරමි. එනම් මේ සියවසේ සුන්දරතම සිහින දුටුවේ ඔහු බවය. විශේෂත්වය වන්නේ ඔහුගේ සිහින පරිකල්පනයන් ස්පර්ෂ කළේ අද දවස නම් නොවේ. වසර සිය දහස් ගණන් අනාගත වර්ෂයන්ය. අද අප අත්දකින ‍පහසුකම් බොහොමයක් ඔහු දුටු සිහිනවල ප්‍රතිථලයන්ය.
ඔහු‍ෙග් අසමසම - අසිරිමත් සිහින දැක්මට සමුදුන්නේ හිස් මිනිසකු ලෙස ‍ෙන‍ාවේ. 90 වියැති මේ වයෝවෘධ එහෙත් දිරිමත් මිනිසා තුළ තවතමත් සැබෑ නොවූ ප්‍රාර්ථනාවන් 3 ක් තිබිණි. එනම්


1. පිටසක්වල ජීවය පිළිබඳ ජීවමාන සාධක
2. සුපිරිසුදු බලශක්ති ප්‍රභව භාවිතාව
3. වසර 50ක් පුරා තමා ද සාක්ෂි කරුවකු වූ ශ්‍රී ලංකාවේ දිගු කාලීන යුදධයේ නිමාව.


මේ ප්‍රාර්ථනාවන් පිළිබ‍ද හෙලිකළ මේ මහා වියතා මේ හැර තමාට පුද්ගලික වාසි ගෙන දෙන ප්‍රාර්ථනාවන් නොමැති බව පැවසීය.

කෘත්‍රිම සන්නිවේදන චන්ද්‍රිකා උපයෝගී කර ගෙන මුළු ලෝකය ම නිවසට ගතහැකි යැයි 1945 දී සිද්ධාන්තමය වශයෙන් හෙලිකළ ඔහු ඒ සිද්ධ‍ාන්ත වෙනුවෙන් නීතිමය බලපත් ලබා නොගත්තේය. එහෙත් වත්මන් සංනිවේදන චන්ද්‍රිකාවන් හි පියා ලෙස අද ලෝකය ඔහුට බුහුමන් දක්වයි. ක්ලාක් මහතා විසින් රචිත සිය ගණනක විද්‍යා ප්‍රබන්ධ අතර එකක් වූ Dial for Frankenstein ඇසුරින් බිහවූ අන්තර්ජාලය අද මුළු ලෝකයම ආක්‍රමණය කර අවසන්ය.

ක්ලාක් මහතා ලංකාවේදී විද්‍යාඥයකු පමණක්ම නොවේ. වරක ඔහු නළුවකු ද වීය. බැද්දේගම චිත්‍රපටයේ රගපෑමෙන් ඔහු ලංකාවේදී නළුවකු ලෙසද අභිශේක ලැබීය.

ශ්‍රී ලංකාව වටා ඇති අති සුන්දර වූ මුහුදු තීරයට පිංසිද්ධ වෙන්නට ඔහු මින් වසර 50 කට එහා දවසක ලංකාවට පය තැබීය. ඒ මුහුදු ගවේෂණයට ඔහු අසීමිතව පෙම් බැදි නිසාවෙනි. 1979 සිට 2002 දක්වා මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා වූ ශ්‍රී ලංකා‍ෙව් ප්‍රථම ආරාධිත නේවාසිකයා නොහොත් ක්ලාක් මහතා ලංඩන් කිංග්ස් විද්‍යාලයෙහි භෞතික විද්‍යාව පිළිබද පළමුපෙල විද්‍යා වේදී උපාධිධාරයෙකි. ගරු නම්බු නාම ඉලක්ක නොවූවද ක්ලාක් මහතා 1988 දී නයිට් නාමයකින් පිදුම් ලැබීය. එංගලන්තයෙන් ගරු නම්බු නාම පිදුවද ලංකාව හැරයාමට මැලිකමක් දැක් වූ මේ වියතා 1917 එංගලන්තයට ප්‍රථම හුස්ම හෙලා ඇරඹු ජීවිතය 2008 දී ලක් දරණී තලයට අවසන් ‍හුස්ම හෙලීමෙන් අවසන් කළේ සියවස් ගණනක් විනිවිද ස්පර්ෂ කළ අසිරිමත් සිහින දැක්මට නැවතීමේ ලකුණ තබමිනි.
පසුවදන:
බොහොමයක් මිනිසුන් සිතන්නේ තමා නොමැරෙන බවය. එහෙත් ජීවිතය යථාර්ථවාදීව දුටු ඔහුගේ ඉල්ලීම වූයේ සිය අවසන් කටයුතු ඉතාමත් චාම්ව පොදු සුසාන භූමියක කළ යුතු බවයි. රටේ රාජ්‍ය ‍ෙගෟරව මහා ඉහළින් ලැබිය හැකිව තිබූ ඔහු ඒ කිසිවක් නොපැතීය. “තරු” පෙනෙනතුරු “තරු” වලට මැරෙන්න යන මිනිසුන් සිටින රටේ ඔහුගේ අවමගුලට සහභ‍ාගී වූ පිරිසෙන් පෙනී යන්නේ ඔහුට අපි වටිනාකමක් වූ තරමට අපිට ඔහු වටිනාකමක් නොවූ වගද නැතිනම් මහ‍ා ප්‍රාඥන්ට ලංකාව සලකන තරමැදැයි තේරුම්ගත නොහැක.

Thursday, February 21, 2008

Experimental service of NEC VersaPro VY14M/EX-W

One of my relation has been bought a new (used) notebook from Japan ( NEC VersaPro VY14M/EX-W) . As you know Japanese always use Japanese language in their products. Accordingly that note book OS (Operating system) (windows XP) is also came in Japanese language. So he asked me to install the XP English version on that notebook. One week ago I did that. But after 3 days they came back and complained that notebook couldn’t use for internet voice calls such as google talk skype or yahoo. I did some investigations to identify the problem, but couldn’t find any problem. Finally I decided to reinstall windows.

2008.02.17 Reinstalled windows and felt every thing is fine. Oh…! My Goad… following day (2008.02.18) they phoned me again and did the same complain. ;-( I went to their home and did several investigations to recognize the problem in notebook until late night. I couldn’t found any issue…. But the problem was same. Finally we (I and Nalin) carried the notebook to our home for more investigations. The main problem was no English version in help or downloadable drivers for NEC (Japanese) computers. ;-D What a surprise!! … when I switch-on the notebook on 2008.02.19 it worked perfectly ;-( So what am I do now?… I don’t like to overcome any problem without knowing the reason. I browsed the youtube and at the same time got internet calls through Google talk and yahoo. No any issue… ;) but after 15 minutes it was given the same problem. Notebook was slowdown and finally stopped. Then we guessed the reason... Is it due to overheat….? I checked the APM (Advance Power Management) but its working. Is cooling fan working???? Nalin proposed to uncover the notebook housing. Before that I was sure that fan is not working. Because in all notebooks fan is activating while booting. But in here it doesn’t. Then we started the operation.

You can see fan was jammed (before service) also difficult to operate manually.








Nice…; ) after service.. Fan is working






Next challenge…. Assemble correctly.. ;(
Fix the touch pad




pluging the LCD connection





Fixing LCD





Fixing top layer and keyboard






My gratitude to Nalin for his straight forward and spunky decision to de-assemble the notebook.

Monday, January 28, 2008

Why we going to overseas for technology

(Grammer Edited on 2008.02.13. Thanks SAKUNI)
Today I and Nalin went to a factory to check an expired CNC machine. They bought that for approximately 3 million Sri lankan Rupees. (SLR 108=1 $) but after 2 weeks that machine was completely dead. No service manual or error debugging systems were given. (Made 1986). Supplier also dosen't give the support. Now what will happen to those 3 million rupees? We can rebuild all interface cards locally and give a live again to that iron man. It is other story.
The problem is when we (Sri Lanka) have talent to give technology locally why we go to foreign sellers with high budget. I think that is UNLUCK of Sri Lanka and all Sri Lankans. ;-(


eventhough we repair those damage cards, we have another three bad points.

  1. the machine was older than 20 years. So can have electronic problems at any time
  2. When we going to repair those damages, we cannot find the replacement components. Because entire components are unique to that machine.
  3. We should limit to 1986 technology.

    Then what are the options available for this problem.
  • The one and only thing is developing the interface card locally to give the all facilities which given by manufacture.
    If we do this we have more advantages

  • We can resolve any electronics problems. Because that is our own design.
  • The entire replacement components are very low cost and NOT RARE. (common)
  • We reach more customer requirement (customization) other than factory build (new technol0gy that 1986) such as computer interface, MIS data feeding, production report etc...)

    Now think Why we are going to overseas for technology