Click Here to pdf Version (Sinhala)
දින හතරක් නිවාඩු දැමූ මම සීයාගේ තුන් මාසෙ දානය සඳහා ගියෙමි. බොහෝ දේ වෙනස් වී ඇත. ඒත් නුඹ පිළිබඳ ඇති මතකයත්, ආදරයත් තවමත් වෙනස් වී නැත. මම නුඹ කාලාන්තරයක් විසූ කාමරයට ගියෙමි. බිත්තිවල ගෑ අළුත් තීන්ත සුවඳ පරයා මට දැනුෙන් නුඹ ළඟ සදාතනිකව දැනුන අව්‍යාජ බවේ සුවඳයි.
නුඹ නිසාවෙන් මෙහි පැමිණි බොහෝ සෙනග අතර මම තනි වෙන්නට උත්සාහ කළෙමි. ඒ නුඹ ගැන අතීත සුන්දර මතකයන් ආවර්ජනය කරන්නටය. එහෙත් පැමිණ උන් සෙනග නිසා ඒ උත්සාහය ව්‍යර්ථවිය.
නුඹ වෙනුවෙන් මා ඉටුකළ යුතු යුතුකම් ගණනාවක් රාත්‍රී ධර්ම දේශනාව අතරතුර මට දැණුනි... ඒවා ලියා නොතැබුවද අම්මා හඬා වැටෙද්දී ඇගේ ඇකෙයන් බිමට බැස නුඹේ තුරුලේ මා ගෙවූ ජීවිතය වෙනුවෙන් මා ඒවා ඉටුකළ යුතුමය. ධර්ම දේශනාව අවසන් වනු මට දැනුනේම නැත. මම පසඟ පිහිටුවා ස්වාමීන් වහන්සේ ළඟ වැඳ වැටුනෙමි. මට සිහිපත් වූයේ නුඹ මට මුණ ගැසුනු අවසන් දිනයේ මා නික්ම යන්නට පෙර නුඹ ළඟ දණගසා වඳිද්දී කාෂ්ඨක ගෙන්දගම් මහ පොළොව සමග පොර බදා දූවිල‍්ලෙන් බොර පැහැයට හැරුණු නුඹේ දෙපතුළයි.