Krishantha.com
Krishantha Dinesh's personal blog
01.
If you unable to view Click Here to Enable SINHALA
Friday, August 15, 2008
දිනුවේ කවුද?... පොලීසියද.... සරසවි සිසුන්ද?
නැත කවුරුත්ම නොවේ..... කඳුළු ගෑස් නිෂ්පාදකයනුත්.., කාලයත් හැර අන් දෙපිරිසම පරාද විය. එපණක් නොව ගමන් බිමන් යන්නට ආ අහිංසක ජනතාවත්.., සේවය නිමවී වේලාසන නිවසට යන්නට සිටි අහිංසකයනුත් අන්තම පරාජය විය.
සියල්ල සූදානම්.....
මොහොතකින් බිඳීගිය පැය ගණනක සූදානම........
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? අයුධ නැතුව ගල් ගසන පොලීසිය...
ඡායාරෑප ඩිෂාන් දයාරත්න, ක්‍රිෂාන්ත දිනේෂ්
Saturday, August 2, 2008
නුඹේ කැදැල්ලෙන් නික්මෙන්නට අවසර දෙන්න....
Click Here to pdf Version (Sinhala)
මම නෙතු පියා ගන්නට උත්සාහ දැරුවෙමි. එහෙත් දුක දැනී මෝදුවන හීන් කඳුළු කැටත් හිතට දැනෙන පුංචි දුකත් මගේ උත්සාහයට හරස් ෙවයි. මම නැගිට මෙය ලියන්නට ගතිමි. මේ ගෙවෙන්නේ සොයුරකුගේ.., ආදරණීයතම සොයුරකුෙග් වහල යට ගෙවෙනා අන්තිම දවසේ අන්තිම රාත්‍රියේ, අන්තිම පැය කිහිපයයි.
ජීවිතය මහා පුදුමාකාරය. උපතින් මට අය්යා කෙනෙකු උන්නේ නැත. ඒත් බඩ වියත රැක ගන්නට ආ රැකියාව මට බඩවියත රැක දුන්නා පමණක් නොව අය්යා කෙනෙකුද සොයා දුන්නේය.
නලින් සංජය අමරසිංහ
නම් ඔහු... මහා පුදුම හමුවීමකි. සමාන හදවත් ඇත්තවුන් සහෘදයන් නම් ඔහු සැබැවින්ම සහෘදයෙකි. නැත ඔහු සහෝදරෙයකි. දුක, සතුට, කඳුළ, වේදනාව මේ හැමෙකක්ම සමානව දරා ගන්නට ඔහු මට ශක්තිය දුන්නේය. එපමණක්ම නොව වැටුණු හැම මොහොතකම ඔහු බැරි අමාරුගානේ සිය අත දිගු කළේය.
මහා වාළුකාවක මෙන් කොළඹ කතරේ උන් හිටි තැන් අහිමි වෙද්දී..., තමන්ගේ වහල යට වැටී ඉන්නැයි කියන්නට තරම් ඔහු දයා වන්තයෙකු විය. මම ඔහුගේ වහල යටට ගියෙමි. අමුත්තක් දැනුනේ නැත. මට හැඟුනේ මගේ මහගෙදර ගියා වැනි හැඟීමකි.
සියල්ල අහිමි කළද දෙවියන් සහෝදරකම අහිමි කර තිබුනේ නැත. අපි දුක බෙදාගත්තෙමු. සතුටේදී එකට සැනසුනෙමු. කන්නට නැතිනම් එක ක්‍රීම් ක්‍රැකර් විස්කෝතුව දෙකට කඩාගෙන කන්නට අපිට පුළුවන් කම තිබුණි.
මා සමග ජීවත් වීම ඒ තරම්ම පහසු නැති වග දන්නේ මගේ අම්මාත් තාත්තාත්ය. පුංචිදේටත් කිපෙනා දඩබ්බර හිතත්, හිතුවොත් තරන්නටම ඕනෑ හිතුවක්කාර කමත් ඔහු මනාවටම තේරුම් ගත්තේය. ඒ නිසා මා තදින්ම එල්බගත් තීරණයන් හිදී ඔහු මා සමග වාද කළේ නැත. ඔහු කළේ සියල්ල සන්සුන් වනතුරු බලාහිඳ ඉන්පසුව ඒගැන සාකච්ඡා කිරීම පමණි. ඇතැම් විට එහිදී ඔහු දිනුවේය. බොහෝවිට මගේ දඩබ්බර කම දිනුවේය... එහෙත් ඔහු ඒ ගැන කිපුණු දිනයක් මට මතක නැත. මගේ තාත්තාත් මා සමග ජීවත් වන්නේ මේ පිළිවෙලටමය. තාත්තා අවුරුදු ගණනාවකට පසු තේරුම්ගත් දේ ඔහු අප මිතුරන් වී ටික දිනෙකින්ම තේරුම් ගත්තේය.
මා කිසිම දිනෙක මේ නිවසේ බෝඩිං කාරයකු වූවේ නැත. ඔහුත් ඇයත් තමන්ගේම මල්ලී කෙනෙකු ලෙස මා පිළිගත්තෝය. ඔවුන්ගේ රෙදි සමග මගේ රෙදි පෙරදිත් සේදුනේය. දවල්ට ගෙනියන්නට බත් පතක් ලැබුණේය. හැමදාමත් මට දැනුනේ ගෙදර වැනි හැඟීමකි.
මගේ ජීවිතයේ බොහෝ දේ සොයා බැළු ඔහු, මගේ ආදරය - විවාහය ගැන කිසිවිටෙකත් මා සමග කථා කර නැත. ඒ පිළිබඳ සොයන්නට ගියේද නැත. ඒ ඇයි දැයි මම බොහෝවිට කල්පනා කළෙමි. ඇතැම් විට එය ඔහුට විෂය නොෙව් යැයි ඔහු සිතන්නට ඇත. නැත්නම් මේ හිතුවක්කාරයාට කසාදයක් කරදී නරක නාමයක් ගා ගන්නට අකමැති වන්නට ඇත.
නමුත් දෛවය බොහෝදේ තීරණය කර ඇත. මා නික්ම යා යුතුය.. ඒ අප අතර ඇති වූ ගැටළුවක් නිසා නම් නොවේ. රැකියා ස්ථානය වෙනස් වීමත්, අළුතෙන් ඇරඹූ අධ්‍යාපන කටයුතුත් නිසා, නවාතැන් පළකට යාම මගේ ජීවිතය පහසු කරනු ඇත.
ලියන්නට බොහෝ දේ ඇත. සිතිවිලි එකා පරයා එකා නැගී සිටින්නට උත්සාහ ගන්නේ, මම හිතනා අන්තිම දවස අද යැයි ප්‍රකාශයට පත්කළා සේය. නමුත් දැන් මැදියමත් පහු වී බොහෝ වේලාවක් ගෙවී ඇත. හිමිදිරියට පෙර පුංචි හෝ නින්දක් ලබා ගත යුතුය.
ඉදින්.....
මට වෙලාවට කන්න බොන්න ටික දී, ලෙඩට දුකට පිහිට වී, දුක සැප සොයා බැළු... ඒ සියල්ලටම වඩා දඩබ්බර, හිතුවක්කාර අපිළිවෙල මගේ ජීවිතය පුරා වසරකට ආසන්න කාලයක් ඉවසූ... ආදරණීය අය්යේ.., අක්කේ.., නුඹලාට බොහෝ.........ම පිං....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)