
වෙන්න බෑ කියන වචනෙ පැත්තකට වීසි කරල දාන්න කාලෙ ඇවිල්ල. මේ ලිපියට කථා නායිකාව වෙන ජෙසිකා අපිට ඒ දේ කරන්න බලකරනව කියල මට හිතෙනව.
දෑත් අහිමි වුණත් අනිත් හැම කෙල්ලෙක් වගේම ජෙසිකා වැඩුන, වැඩිවියට පත්වුණා, ජීවිතේට සුන්දර සිහින, බලාපොරොත්තු එකතු වුණා. ඒත් ඒව සුන්දර හීන විතරක් වෙන්න ජේසිකා ඉඩ දුන්නෙ නෑ. අද ජෙසික උපාධිධාරිණියක්....
පීනන්න ජිම්නාස්ටික් සෙල්ලම් පෙන්නන්න විතරක් නෙවෙයි, ජෙසිකා කියන්නේ ජාත්‍යන්තර ජිට් කොන්ඩෝ සම්මේලනයෙන් කළු පිටි දිනාගත් දක්ෂ ක්‍රීඩිකාවක්. කකුලෙන් පැහැදිලි අත් අකුරු ලියන්න විතරක් නෙවෙයි සාමාන්‍ය යතුරු පුවරුවෙන් ටයිප් කරන්නත් ඇය හපනියක්.
විශ්වාස කරන්න පුළුවන්ද.... ජෙසික කියන්නෙ ගුවන් නියාමක වරියක්.... මහපාරෙත් හරියට වාහන පදවන්න බැරි අපිට තියෙන්නෙ දිරිය හිතක් පමණක් උරුමව උපන් එහෙත් ලෝකය දිනනා මේ දිරිය යුවතිය පදවන ගුවන් යානයක් දිහා උඩබලන් ඉන්න තමයි.
ජීවිතේ අහිමී විය ගිය දෙවල් වලින් නොතැවී, හිමිවූ දේවල් වලින් සැනසෙන ඇය අපේ ජීවිතවලට අලුත්ම අලුත් පාඩමක් කියල දෙනව.....








