Saturday, December 6, 2008

උපන් බිමට අවැසි දැනුම....

For Sinhala Pdf Version Click Here


උපන් බිමට ණය ගැති නොවනා මිනිසුන් ජාතියටම වාසනාවක් යැයි කියමනක් ඇත. එසේම තමා උපන් බිමේ අනාගත පරපුරේ ජීවිත දැනුමෙන් සන්නද්ධ කරන්නට සිතනා මිනිසුන් ඉතා අල්පය.
පාසල් සිසුන්ට පරිගණක අධ්‍යාපනය ලැබීම සඳහා පරිගණක 22 කින් යුත් අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්
E-W Information systems ආයතනය මගින් පසුගියදා අධ‍්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ අයිතියට ප්‍රධානය කළා.
ඈත පාසල්වලට ගොස් පොඩිඋන්ට කොම්පියුටර් කියාදෙන්නට පවත්වපු එක් දින වැඩමුළු මට සිහිපත් උණා. ඒ වැඩමුළුවලට සහභාගී වෙලා හිටපු පුංචි එවුනගෙ ඇස් වල තිබුණු බලාපොරොත්තුවේ පහන්සිළු මට මැවිල පෙනුන. ඒ බලාපොරොත්තු වලට ලංකාව ඇතුලෙ මොනව වෙයිද කියල එදා මට බයක් තිබුණත් එවුන්ගේ බලාපොරාත්තුවේ අනාගතය අඳුරු වෙන එකක් නෑ තියල මට දැන් හිතෙනව. උපන් මවුබිමට දැනුම් සත්කාරය ගෙනෙන මෙවන් පවුලක පුංචි සාමාජිකයෙක් වෙන්න ලැබීම ජීවිතේ ලැබූ ලොකූ භාග්‍යක් කියල පාසලෙන් නික්මෙන වෙලාවෙ ම‍ට හිතුනා.


Unit 001




Unit 002

No comments: