Sunday, April 6, 2008

මහ‍ා ප්‍රාඥයකුගේ නික්ම යාම

If you unable to view Click Following Links to Enable SINHALA

Click Here to pdf Version (Sinhala)

(some time Computer should be re-start after install above software to enable SINHALA)



මම ඒ වන විට සිටියේ පානදුර ප්‍රදේශයේය. උදේ පාන්දර ලැබුණු කෙටි පණිවුඩයකින් කියැවුණේ ආතර් සී ක්ලාක් මහතා මිය ගිය වගය.
බුද්ධ දේශනාවට අනුව නම් අනාගතය දකින්නට සෝවාන් ආදී මාර්ගඵල ලැබිය යුතුය. එහෙත් ලක්දෙරණට අපමණ පෙම් බැද, දිනකට අවදියෙන් සිටිනා පැය 6 – 7 ක තරම් කෙටිකාලය රෝද පුටුවකට වී අතීතයත් වර්ථමානයත් මෙනෙහි කරනා මේ සුන්දර මිනිසා මාර්ග ථල අවබෝධයෙන් තොරවම අනාගතය කියන්නය සමත් කම් දැක්වීය.

ඔහු ලෝකයේ සිටි සුන්දරතම සිහින දකින්නා යැයි මම විශ්වාස කරමි. ඔහු සිහින දුටුවද සිහින ලෝකවල ජීවත් වූයේ නැත. ඔහු දුටු බෝහෝ සිහින ඔහු ඇස් ඉදිරිපිටම සැබෑවනු දකින්නට තරම් ඔහු වාසනාවන්ත වූවේය. මම තවත් දෙයක් විශ්වාස කරමි. එනම් මේ සියවසේ සුන්දරතම සිහින දුටුවේ ඔහු බවය. විශේෂත්වය වන්නේ ඔහුගේ සිහින පරිකල්පනයන් ස්පර්ෂ කළේ අද දවස නම් නොවේ. වසර සිය දහස් ගණන් අනාගත වර්ෂයන්ය. අද අප අත්දකින ‍පහසුකම් බොහොමයක් ඔහු දුටු සිහිනවල ප්‍රතිථලයන්ය.
ඔහු‍ෙග් අසමසම - අසිරිමත් සිහින දැක්මට සමුදුන්නේ හිස් මිනිසකු ලෙස ‍ෙන‍ාවේ. 90 වියැති මේ වයෝවෘධ එහෙත් දිරිමත් මිනිසා තුළ තවතමත් සැබෑ නොවූ ප්‍රාර්ථනාවන් 3 ක් තිබිණි. එනම්


1. පිටසක්වල ජීවය පිළිබඳ ජීවමාන සාධක
2. සුපිරිසුදු බලශක්ති ප්‍රභව භාවිතාව
3. වසර 50ක් පුරා තමා ද සාක්ෂි කරුවකු වූ ශ්‍රී ලංකාවේ දිගු කාලීන යුදධයේ නිමාව.


මේ ප්‍රාර්ථනාවන් පිළිබ‍ද හෙලිකළ මේ මහා වියතා මේ හැර තමාට පුද්ගලික වාසි ගෙන දෙන ප්‍රාර්ථනාවන් නොමැති බව පැවසීය.

කෘත්‍රිම සන්නිවේදන චන්ද්‍රිකා උපයෝගී කර ගෙන මුළු ලෝකය ම නිවසට ගතහැකි යැයි 1945 දී සිද්ධාන්තමය වශයෙන් හෙලිකළ ඔහු ඒ සිද්ධ‍ාන්ත වෙනුවෙන් නීතිමය බලපත් ලබා නොගත්තේය. එහෙත් වත්මන් සංනිවේදන චන්ද්‍රිකාවන් හි පියා ලෙස අද ලෝකය ඔහුට බුහුමන් දක්වයි. ක්ලාක් මහතා විසින් රචිත සිය ගණනක විද්‍යා ප්‍රබන්ධ අතර එකක් වූ Dial for Frankenstein ඇසුරින් බිහවූ අන්තර්ජාලය අද මුළු ලෝකයම ආක්‍රමණය කර අවසන්ය.

ක්ලාක් මහතා ලංකාවේදී විද්‍යාඥයකු පමණක්ම නොවේ. වරක ඔහු නළුවකු ද වීය. බැද්දේගම චිත්‍රපටයේ රගපෑමෙන් ඔහු ලංකාවේදී නළුවකු ලෙසද අභිශේක ලැබීය.

ශ්‍රී ලංකාව වටා ඇති අති සුන්දර වූ මුහුදු තීරයට පිංසිද්ධ වෙන්නට ඔහු මින් වසර 50 කට එහා දවසක ලංකාවට පය තැබීය. ඒ මුහුදු ගවේෂණයට ඔහු අසීමිතව පෙම් බැදි නිසාවෙනි. 1979 සිට 2002 දක්වා මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා වූ ශ්‍රී ලංකා‍ෙව් ප්‍රථම ආරාධිත නේවාසිකයා නොහොත් ක්ලාක් මහතා ලංඩන් කිංග්ස් විද්‍යාලයෙහි භෞතික විද්‍යාව පිළිබද පළමුපෙල විද්‍යා වේදී උපාධිධාරයෙකි. ගරු නම්බු නාම ඉලක්ක නොවූවද ක්ලාක් මහතා 1988 දී නයිට් නාමයකින් පිදුම් ලැබීය. එංගලන්තයෙන් ගරු නම්බු නාම පිදුවද ලංකාව හැරයාමට මැලිකමක් දැක් වූ මේ වියතා 1917 එංගලන්තයට ප්‍රථම හුස්ම හෙලා ඇරඹු ජීවිතය 2008 දී ලක් දරණී තලයට අවසන් ‍හුස්ම හෙලීමෙන් අවසන් කළේ සියවස් ගණනක් විනිවිද ස්පර්ෂ කළ අසිරිමත් සිහින දැක්මට නැවතීමේ ලකුණ තබමිනි.
පසුවදන:
බොහොමයක් මිනිසුන් සිතන්නේ තමා නොමැරෙන බවය. එහෙත් ජීවිතය යථාර්ථවාදීව දුටු ඔහුගේ ඉල්ලීම වූයේ සිය අවසන් කටයුතු ඉතාමත් චාම්ව පොදු සුසාන භූමියක කළ යුතු බවයි. රටේ රාජ්‍ය ‍ෙගෟරව මහා ඉහළින් ලැබිය හැකිව තිබූ ඔහු ඒ කිසිවක් නොපැතීය. “තරු” පෙනෙනතුරු “තරු” වලට මැරෙන්න යන මිනිසුන් සිටින රටේ ඔහුගේ අවමගුලට සහභ‍ාගී වූ පිරිසෙන් පෙනී යන්නේ ඔහුට අපි වටිනාකමක් වූ තරමට අපිට ඔහු වටිනාකමක් නොවූ වගද නැතිනම් මහ‍ා ප්‍රාඥන්ට ලංකාව සලකන තරමැදැයි තේරුම්ගත නොහැක.

No comments: