Thursday, October 9, 2008

ඉතිං ආයු‍බෝවන් ආදරණීය ඇකාල්. GOOD BYE ACAL SYSTEMS

For Sinhala Pdf Version Click Here

මම උපන් නිවසින් නික්ම යාමට සිදුවීම වැනි හැඟීමක් මට දැනේ. ඒ ඇයි දැයි අර්ථකතන සොයන්නට මම නොවෙහෙසෙමි. ජීවිතය පිරී ඇත්තේ හමුවීම් සහ වෙන්වීම් වලින් පමණෙකැයි මම අසා ඇත. මෙයද තවත් එවැන්නකැයි සිත හදා ගැනීමට මම උත්සාහ කරමි.

සිදුවීම කෙටියෙන්ම කියන්නේ නම්.... වසර 5ක සේවාකාලයකට පසුව ඇකාල් සිස්ටම් පුද්ගලික සමාගමේ දැරූ සියළු තනතුරු හා වගකීම් වලින් ඉල්ලා අස්වීමට මම තීරණය කළෙමි.

වසර 2003 එක්තරා දිනෙක ඉංග්‍රීසි පුවත්පතක පළවූ දැන්වීමක් දැක මම අයදුම් කළෙමි. ඒ පරිගණක ක්‍රමලේඛණ ශිල්පියෙකු වීමේ නොනිමි ආසාව ඉටු කර ගැනීමටය. සති කිහිපයකට පසු මා ගමේ ගිය ‍දිනෙක මගේ අසල්වැසි නිවසට ලැබූ දුරකථන ඇමතුමකින් කියවුනේ මා සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවා ඇති බවයි. මම එක පිම්මේ කොළඹ ආවේ මගේ යටගිය බලාපොරොත්තු අළුත් වීමෙනි. ඒ ආ ගමන කෙළවර වූයේ රුපියල් 7500/= වැටුපක් සහිතව ම‍ම Analyst Programmer ලෙස ඇකාල් ආයතනයට සම්බන්ධ වීමෙනි.


ඒ 2003 සැප්තැම්බරයයි. මේ 2008 සැප්තැම්බරයයි. වසර 5ක් ගතවී ඇත. මේ වසර 5 තුළ සිදුවූ දෑ බොහෝය. පරිගණක සම්බන්ධයෙන් ම‍ා ඇකාල් ආයතනයෙන් උගත් දෙයක් නැති වුවද ව්‍යාපාරික භාවිතාවන් සදහා වන පරිගණක මෘදුකාංග (Business application) සහ ව්‍යාපාරික මෘදුකාංග ක්‍රමවේද (Business logic) නම් මා ඉගෙන ගත්තේ ඇකාල් ආයතනයෙන් බව නිහකමානීව මම සඳහන් කළ යුතුය.


සිදුවූ හා වෙමින් පවතින කටයුතු පිළබඳව අන්තයටම කළකිරී සිටියා මිස මෙයින් ඉවත්ව යා යුතුමයැයි මා තීරණය කර තිබුණේ නැත. නමුත් එක් නිමේෂයක්...., එක් දුරකථන ඇමතුමක් ඒ සියල්ල වෙනස් කළේය. මේ තීරණය මේ තරම්ම වේදනාබර වග මට දැනුනේ මම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් මොහොතේය. නමුත් දුක යැයි කියා දුක්ගොඩේම තව තවත් සිටීමෙන් වන්නේ තව තවත් සිත් රිදීම්ම පමණකි.


කුමකින් කුමක් වුවත් ඒ අවුරුදු 5ක් මා රැකියාව කළ නිවසයි. එනිසාවෙන් ආයතනික සහ පුද්ගල ප්‍රතිරූපයන්ට හානි සිදුවන යමක් මෙහි ලියන්නට මම උත්සාහ නොකරමි. එබැවින් සිදුවූ සහ සිදුවෙමින් තිබෙන කිසිවක් ලියන්නට මට අවසර නැත. එසේ ලිවීමෙන් සිදුවන යහපතක් ද නැත.


ඔක්තෝබර් මස 10 වැනි දිනය යනු ජීවිතයේ තීරණාත්මක දිනයකි. එනම් මම මගේම තැනක් ලෙස සිතා දහසකුත් එකක් කැපකිරීම් සහ අසුන්දර අද්දැකීම් මැද කළ සුන්දර රැකියාවකට සමු දෙන වේදනාබර දිනයයි.


පාලකයන් විසින් සේවකයන්ගේ සිතිවිලි 100% ම නොහැකිනම් 75% ටවත් වඩා තේරුම්ගත යුතුයැයි මම වි‍ශ්වාස කරමි. තමන් ට උවමනා සිතිවිලි හා සැකයන් ආදේශ කිරීම යුක්ති සහගත නැත. මා ඉවත්වයන්නේ දිවයිනේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක රැකියාවකට යැයි අදටක් ඇතමුන්ගේ විශ්වාසයයි. එහෙත් මම තර්ක නොකරමි. මගේ මීළඟ රැකියා ස්ථානය කොතැනද යන්න ඉදිරි මාසය තීරණය කරනු ඇත. ඒ කොතැන වුවත් වැඩකළහැකි සේවකයන්ගේ අගය දන්නා පාලකයින් යටතට පමණක් වනු ඇත.


සියල්ල අවසන්ය.... “මේක ක්‍රිෂාන්තගෙ පෞද්ගලික ප්‍රශ්නයක්. එහෙම නැතුව ආයතන ප්‍රශ්නයක් නෙවෙයි....” යැයි කියා හිත හදාගැනීම ප්‍රතිඵල දායක වේ නම් මම කිසිත් නොකියමි. නමුත් සිදුවූ අඩුපාඩු තේරුම්ගෙන ආයතනයේ හෙට දවස යහපත් කරගනු ඇතැයි මම අපේක්ෂා කරමි. මන්ද බොරුවෙන් හිත හදාගැනීම යනු තමන්ම රවට‍ාගැනිමක් පමණක් වන හෙයිනි.


පසුවදන......


නික්මයන මොහොතේ මට බොහෝ දෙනා සිහිවෙයි. නමුත් ඒ සියල්ලටම වඩා ආයතනයේ අතිශය දුෂ්කර පරිච්ඡේදයේ මාස 5ක් පමණ වැටුප් රහිතව සේවයකළ සියළු දෙනා ඉතාමත් ආදරයෙන් සිහිපත් කරමි. එපමණක් නොව ඔබගේ කැපකිරීම් දිනෙක ඔබට ප්‍රතිඵල දායක වේවා යැයිද මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සුන්දර හෙට දවසක්........,!!!!!!

6 comments:

Anonymous said...

Wish U all the best sana.. I ithink i am a first member who red ur blog. I dnt wnt 2 kw what happen.. but i know U can win... because I hrd your some projects

Unknown said...

I wish you all the very best, every end has a new begging and always hope for the best while ready for the worst

Krishantha Dinesh said...

Thanks Dhanu....
I think this moral will help to put next step.

Anonymous said...

It is not good to post this type of crying post on the blog. it is not good for your PR.as a project manger try to be a Professional.
Nish de silva
Virtusa Corp

Krishantha Dinesh said...

I don't think this is crying. because of i never cry due to this kind of things. any way NISH... Thanks for your Comment ;)

Sanjeewa said...

Iam highly appreciate your this way. that is you are publishing the good comments and also condemnation comments. that is very Great.